කටුනායක විවෘත කිරීම ප්‍රමාද වෙන හැඩ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමතිවරයා කියා සිටී.
වත්තල “සන් කාසල්” උත්සව ශාලාවේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.
“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා. ඒ අය තානාපති කාර්යාල වල ලියාපදිංචි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක.
ජනාධිපතිතුමා කිව්වේ ඒ අය ගෙනාවත් රටේ ජනතාවත් ආරක්ෂා විය යුතු බවයි. ඒ නිසා අපි ඉතා පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉදිරියේ දී ඒ අය දිගින් දිගටම ගෙන්වන්න අපි කටයුතු කරගෙන යනවා. මේ එන සියලු දෙනා පි.සි.ආර් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්යයි. පි.සි.ආර් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රතිඵලය ලැබෙන්න පැය කීපයක් යනවා. ඒ නිසා මේ වැඩේට අපිට හිතුවට වඩා කාලයක් ගත වේවි.
අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”

popular news
-
janahitha UAE Sunday, 28 June 2020 12:15 PM
api inne madaperadiga engalanthaye inna sainhala bari lankikayanta vada api sanvedi pirisak rate arakshava du daruvange anagathaya apita vadagath rakiya ahimi una aya pamanak lankavata vahama genva gatha yuthuya anek ayata me rate visheshayen eksath arabi Emirataye vaidya pahasukam dan thibenava rogin suva vena aya vadivenava vagema nava rogin varthavena pramanaya aduvenava rata samanya athata pathvemin thibenava mudal ganama sithana thama arakshava sanadahavath mudal viyadam vana nisa katayuthu nokarana danavath sulu pirisak nisath avadanamak thibenava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

