කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , නවීනතම පහසුකම් වලින් සමන්විත විශාලතම ගබඩා සංකීර්ණයක් ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම් ජාලය විසින් විවෘත කිරීම 08/19 දින උදෑසන පැවති උත්සවයක දී සිදු කෙරුණි .
ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් මෙම ගබඩා සංකීර්ණය ඉදි කිරීම සදහා ආයෝජනය කර ඇති අතර වර්ග මීටර් 150,000 ක වපසරියකින් යුතු මෙහි භාණ්ඩ පැටවීමේ ස්ථාන 24 කින් සමන්විත වන අතර , මෙම ගබඩා සංකීර්ණය තුළ භාණ්ඩ පැලට් 23,000 ගබඩා කිරීමේ පහසුකම් ද තිබේ .
ඉන්දියාව , මැලේසියාව , බංගලදේශය වැනි රටවලින් රැගෙන එන විවිධ භාණ්ඩ , අගය එකතු කර නැවත ප්රතිඅපනයනය සදහා මෙම ගබඩා සංකීර්ණය භාවිතා කර යොමු කෙරෙන අතර දේශීය සහ විදේශීය ආනයන - අපනයන වෙළදාමේ නිරත වූවන්ට මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ නිෂ්පාදන ද කොළඹ වරාය ඔඔස්සේ මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ද ආනයන අපනයනය සදහා යොමු කිරීම මෙම ගබඩා සංකීර්ණය මගින් සිදු කෙරේ .
මෙම සමාගම් ජාලය සතුව මුතුරාජවෙල ප්රදේශයේත් මෙවැනි ගබඩා සංකීර්ණයක් ඇති අතර මීට අමතරව ගෝලීය වශයෙන් ඉන්දියාව , බංගලදේශය ඩුබායි , වියට්නාමය , සිංගප්පූරුව වැනි රටවල ද මෙවැනිම ගබඩා සංකීර්ණ ජාලයක් සතුව පවතී .
මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව , ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල , ඩාර්ට් සමාගම් සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
