කටුනායක මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාවට චීනයෙන් රොබෝ යන්ත්‍ර
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට රැගෙන එන මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද රොබෝ යන්ත්‍ර දෙකක් ගුව තොටුපළ තුළ ස්ථාපිත කිරීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (01දා) සිදු කෙරුණි.
රුපියල් කෝටි 16 ක් පමණ වටිනා මෙම හඳුනාගැනීමේ රොබෝ යන්ත්‍ර 2 ක චීන මහජන සමූහාණ්ඩුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පරිත්‍යාග කර තිබුණි.
මෙම යන්ත්‍ර දෙක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන්තොටුපළ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තය සවිකර තිබේ.
මෙම අවස්ථාවට චීන මහජන සමූහාණ්ඩුවේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සහ මංජුල සෙනරත් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.
ටී.කේ.ජී. කපිල



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
