කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් තවත් ආසාදිතයින් 18ක්
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 21 ක සේවය කරන සේවකයින් 331 දෙනෙකුට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 07 ක සේවය කරන සේවකයින් 27 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
එමෙන්ම ගත වූ පැය 24 ක කාළය තුළ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදනය වූ සේවකයින් 18 දෙනෙකු සොයාගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .
මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 22 දෙනෙකු සොයා ගත් අතර ඔවුන් වැඩි පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බව ද , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය රෝහල් වෙත යොමු කර ඇති බවත් කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

