රටතුල ඇතිවූ ආර්ථික අවපාතයහේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලදී.රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබාදුන් ණය මුදල් නවතා දැමීම මෙම ඉදිකිරීම් නැවතීමට හේතුව විය.
නමුත් මේ වනවිට රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර එහි ප්‍රතිඵලය ලැබෙන තෙක් නොසිට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ මුල්‍ය ප්‍රතිපාදන වැයකර දෙවන පර්යන්තයේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුතු පසුගිය 20 දින ආරම්භ කෙරිණ.
මෙම ඉදි කිරීම් කටයුතු ජපාන ගුවන්තොටුපල උපදේශන සමාගමේ (JAC) අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකාවේ ඇක්සස් සමාගම විසින් සිදු කරනු ලබයි.
මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් වැය කරන අතර ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර ,ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් ද ඉදිකිරීම් උපදේශන සමාගමේ නිලධාරීන් ද ,ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් ද සහභාගි විය .
මෙම ඉදිකිරීම් ආරම්භ කිරිමේ අවස්ථාවේදී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ : රටේ පසුගියදා ඇති වු ආර්ථික අර්බුදය නිසා ශ්‍රි ලංකාවට විදේශීය ණය දෙන ආයතන විසින් ණය දීමේ කටයුතු නවතා දමා දැමු බවයි. නමුත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය සාකච්චා කරමින් පවතින අතර එහි ප්‍රතිඵලය මත ජපානය සහ ජෛකා ආයතනය ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ණය පහසුකම් ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ගේ ණය ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ප්‍රමුඛතාවය ලබා දී ඇති ව්‍යාපෘතිය කටුනායක ගුවන්තොටුපලේ දෙවන අදියරේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය. ඒ හේතුව මත ගුවන්සේවා හා ගුවන්තොටුපල සමාගමේ රුපියල් මිලියන 500ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක්ද ලබා ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.