කටුනායක ගුවන් තොටුපොළ දින නියමයක් නොමැතිව වසයි
ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දින නියමයක් නොමැතිව වසා දැමීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එහෙත් තවදුරටත් පිටත්වීමේ ගුවන් ගමන් හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගුවන් යානා සඳහා ද ගුවන් තොටුපොළ විවෘතව පවතී.මේ වනවිට තම රටවල ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කර ඇත්තේ ලෝකයේ සීමිත රටවල් කිහිපයක් පමණි.
එමෙන්ම ගුවන් තොටුපළ වෙත වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන් (Transit Passengers ) රැගත් ගුවන් යානා වලටත් , හදිසි ගොඩබැස්සවීම (Emergency Landing ) සඳහා ද , කාර්මික දෝශ (Technical Landing ) මත ගොඩබස්වනු ලබන ගුවන් යානා ද , ඉන්ධන ලබා ගැනීම සඳහා මෙන්ම මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා ද තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

popular news
-
Don Sunday, 05 April 2020 11:22 AM
සම්පූර්ණයෙන් වසාතබනවා කියන එකත් සමහර යානාවලට ඉඩතබනවා කියන එකත් එකම නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

