කටුනායක ගුවන් තොටුපොළට අයාලේ යන සුනඛයන් ඇවිත්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් ගැවසෙන ආකාරය 04/24 දින උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස් වෙත දැක ගැනීමට හැකි විය .
එම බල්ලන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන දෙස් - විදෙස් සංචාරකයන් ඉව කරමින් , ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිටියේය .
මෙම බල්ලන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම් දොරටු අසළ ගැවසෙමින් ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ සැරිසැරීම සිදු කරන බව මේ පිළිබඳව විමසීමකදී එහි සේවකයින් පිරිසක් සදහන් කළේය .
මෙම බල්ලන් කිසියම් ක්‍රමයකින් ගුවන් තොටුපළ ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසිය හොත් එයින් බරපතල අනතුරු සිදු විය හැකියාව පවතී .
මීට පෙර වසර වලදී මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් ඔවුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් ( Dog Shooter ) පත් කර තිබුණි .
popular news
-
ආනන්ද Monday, 24 April 2023 06:05 AM
දැනට කලකට පෙර dog shooter ල කටුනායක ගුවන්තොටුපොළේ පමනක් නොව සියලුම නගර සභාවල සිටියා.ඔහුගේ රාජකාරිය අයාලේ යන බල්ලන් වෙඩි තබා විනාශ කිරීමයි.දැනට කලකට පෙර තමයි මෙය නවත්වනු ලැබුවේ.ජලභීතිකා රෝග වාහකයන් වන මුන්ව වෙඩි තබා මරා දැමීම වහාම ඇරඹිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

