කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 32 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටා ඇති කර්මාන්තශාලා 03 සේවය කරන 20 දෙනෙකුට අද දින මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ .
ඒ අතරින් කටුනායක බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 14 දෙනෙකු මෙම වෛරසයට ගොදුරු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කර්මාන්තශාලාව තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද තවත් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 908 දෙනෙකු වාර්තා වී ඇති බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
මෙසේ වාර්තා වී ඇති රෝගීන් කෑගල්ල , පින්නවල මූලික රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
