මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය 03/03 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8.ඩී. - 821 දරන එම ගුවන් යානය 03/03 දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .
ඒ.- 320 එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන තිබේ .
මීට අමතරව එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානය ද ගුවන් මගීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගෙන 03/03 දින සවස 04.45 ට සාජා නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .