කටුනායකදී සී.අයි.ඩී.යේ ඇස් වහන්න බැරි වෙයි
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ආනයනය කර, රේගුවට තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/11 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම භාණ්ඩ තොගය අතර විදේශීය නිෂ්පාදිත විස්කි, දුම්වැටි, ඇපල් වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන උපාංග, ඇපල් වර්ගයේ ස්මාර්ට් අත් ඔරලෝසු , මැක් බුක්, ඇපල් වර්ගයේ අයි පෑඩ් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියක් ද විය .
භාණ්ඩ තොගය මිනුවන්ගොඩ මස්කෙළිය සහ කොළඹ 13 යන ප්‍රදේශ වල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් මෙරටට රැගෙන විත් තිබුණි .
ගුවන් තොටුපොළෙන් පිටත ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරි වල නිරතව සිටි කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් භාණ්ඩ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනා මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
