කටුනායකට එමින් තිබූ ගුවන් යානයක දරු ප්රසූතියක්
කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක 10/19 දින අලුයම දරු ප්රසූතියක් සිදු කර තිබේ.
ඇය මීට වසර දෙකකට පමණ පෙර , එනම් 2024 වසරේ කුවේට් රාජ්යය වෙත ගෘහ සේවය සදහා ගොස් තිබූ , ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි .
ඇය 10/19 දින අලුයම 02.52 ට කුවේට් රාජ්යයේ , කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට , අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබුණි .
වැනි දරු ප්රසූතිය සදහා ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සදහා සහභාගී කර නොගන්නා අතර , ඇය සිය ගර්භණී බව ගුවන් සේවා නිලධාරීවරුන් හට සැගවීම සදහා , ඇයගේ සිරුරට තද වන ආකාරයේ " ඩෙනිම් " වර්ගයේ කළිසමක් ඇද සිට තිබේ .
මෙම දරු ප්රසූතිය ගුවන් සේවිකාවන්ගේ සහායෙන් , කිසිදු කරදරයකින් තොරව ගුවන් යානය තුළ දී සිදු කෙරුණ අතර , ගුවන් නියමුවා විසින් ඒ බැව් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කර , ගුවන් යානය ගොඩබසිනවාත් සමගම , ගිලන් රථ , වෛද්යවරුන් සහ හෙදියන් ගුවන් යානය අසළටම කැදවා , සූදානම් කර තැබීමට පියවර ගෙන තිබුණි .
ඒ අනුව එම කාන්තාව පිරිමි දරුවෙකු ප්රසූත කර තිබූ අතර , මව සහ දරුවා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර , ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්ය තත්වයෙන් එහි පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

