ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් 12/09 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි .
මෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ දිනවල නිතර පැමිණිය ද මේ ආකාරයට , 12/09 දින ආසන්න වේලාවල පැමිණ , එකිනෙකට සමීපව , ආසන්න ගුවන් යානා අංගනය තුළ නවතා තිබීම විශේෂත්වයකි .
මින් පළමු ගුවන් යානය 12/09 දින පස්වරු 01.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර , එය අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
අනෙක් ගුවන් යානය 12/09 දින පස්වරු 01.55 ට ඉන්දියාවේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එය ඉන්දියාවේ බටන්ගූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
