කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානා දෙකක් ගුවන් තොටුපොළ අවට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑමට කටයුතු කර තිබේ.
කුවේට් හා රියාද් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානා දෙකක් මෙසේ මත්තලට ගොඩ බැස්සවීය.පෙ.ව. 6.54ට හා පෙ.ව. 7.05ට මෙසේ ගුවන් යානා දෙක ගොඩ බැස්සවීමට කටයුතු කළේය.
මෙම ගුවන් යානා දෙක කටුනායක අවට කාලගුණය යහපත් වීමෙන් පසුව යළි මත්තලින් පිටත්ව කටුනායක ගුවන් තොටුපොළේ ගොඩ බැස්සවීමට කටයුතු කළේය.


