කටුනායකටම මත්ද්‍රව්‍ය බෙදූ ජාවාරම්කරු අල්ලයි
කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කර ගෙන යමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු සමග ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 25 පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද 03/17 දින රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විදේශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ මෙහෙයුමක දී අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ජා - ඇළ , කණුවන ප්‍රදේශයේ අවන්හලක් පවත්වා ගෙන යමින් සිටි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු 44 හැවිරිදි දෙදරු පියෙකි .
ඔහු ජා - ඇළ , කණුවන ප්‍රදේශයේ මහල් නිවාසයක සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් සිටි පුද්ගලයෙකු බව , මොහු අත් අඩංගුවට ගැනීමට ගොස් සිටි පොලිස් නිලධාරීන් පැවසීය .
මොහු කොරෝනා වසංගත සමයට පෙර , ප්‍රදේශයේ දැවැන්ත ප්‍රවාහන ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබූ අතර , එම වසංගත සමයේ දී එම ව්‍යාපාරය බංකොලොත් වීම නිසා මෙම නව ව්‍යාපාරය ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .
දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක " යුක්තිය " මෙහෙයුමට සමගාමිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි .
මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහුගේ නිවසෙහි සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් , එම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස කිරා ගැනීම සදහා භාවිතා කරන මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමග මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයා තිබූ රුපියල් දෙලක්ෂ දහ අට දහස් අට සිය පනහක මුදලක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මොහු දැනට විදේශගතව සැගව සිටිමින් ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම් , අපරාධ සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක " සංඛ " නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකි .
මීට සති කීපයකට පෙර කටුනායක ප්‍රදේශයේ , වෙළබඩ පාරේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන , රදවා තබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

