ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.
පසුගිය 10 වැනි දින ඉන්දියාවේදී ලෝක ෆුනාකෝෂි ෂෝටෝකාන් කරාතේ සංගමය මගින් සංවිධානය කළ 34 වැනි ජාතික වෙෆ්ස්කෝ විවෘත කරාතේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ චමෝදී නවෝද්‍යා කාතා අංශයෙන් රන් පදක්කමක්, කුමිතේ අංශයෙන් ලෝකඩ පදක්කමත්, දිනුක නිරෝෂන් කාතා අංශයෙන් රන් පදක්කමක්, කවීෂ මාලිංග කාතා අංශයෙන් රන් පදක්කමක්, කුමිතේ අංශයෙන් රිදී පදක්කමක්, ෂෙවොන් මක්දිල් කාතා අංශයෙන් ලෝකඩ පදක්කමක් හා චනුක පහන් කාතා අංශයෙන් රන් පදක්කමක් ලෙස රටවල් 12 ක් අතුරින් හොඳම කරාතේ කණ්ඩායම බවට තේරී පත්ව ඇත.
එප්පාවල කටියාව යාය 01 විද්‍යාලය යනු, තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ පිහිටි අඩුපහසුකම් සහිත පාසලකි.එම පාසල නියෝජනය කරමින් රටවල් 12 ක් පරාජය කරමින් ලක් මවට කීර්තියක් ගෙනදීමට සමත්විය.
දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවු කරාතේ මාස්ටර් ශෙහාන් රත්නකුමාර මහතා, විද්‍යාලීය ක්රීඩාගුරුභවතුන් වන කේ.වී.එච්.එස් රාජසිංහ, සී.එම්.පී.ඩබ්.සී.කේ චන්ද්රසේකකර යන මහත්මහත්මීන් මහත් හරසරින් එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ දූ දරුවන්, ගුරුභවතුන් හා දෙමාපියන් විසින් මහත් හරසරින් පිළිගත්හ.



