දෝහා කටාර් හීදි සත් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එලෙස මියගොස් තිබුණේ අංක 270 දඩුගම ජා-ඇල පදිංචි නිශ්ශංක රහිත සිල්වා (55) නැමති පරිගණක ඉංජිනේරු වරයෙකි. මෙම අනතුර සිදුවී තිබුනේ ඉකුත් 22 දින රාත්‍රීයේය.
මිය ගිය නිශ්ශංක රහිත මහතාගේ නිවසට අප ගොස් ඔහුගේ බිරිඳ වු ශානිකා පෙරේරා (55) මහත්මිය සමග කතා කලෙමු, " මගේ මහත්තයා අවුරුදු 23 ක් තිස්සේ විදේශ ගතව යි ඉන්නේ. මගේ මහත්තයා ඔය ගොඩනැගිල්ල කඩා වැටුණු දින රාත්‍රී ශ්‍රී ලංකාවට එන්න හිටියේ.
. නමුත් එයාට ලංකාවට එන්න වුණෙ නෑ. අවාසනාවන්ත ලෙස එයා අපිව දාලා ගියා. " යැයි පැවසුවාය.
නිශ්ශංක රහිත මහතා ගේ ලේලිය වු යශෝදා ගයාත්‍රි මහත්මිය මෙම අවාසනාවන්ත සිදුවීම අපට විස්තර කලේ මෙලෙසිනි" තාත්තා ලංකාවට එනවා කියලා කියපු නිසා මමත් මගේ මහත්තයාත් අපේ එපාට්මන්ට් එකේ ඉදලා තාත්තට උදව් කරන්න ගියා. ලංකාවට ගේන්න අවශ්‍ය බඩු බාහිරාදිය පැක් කරන්න අපි තාත්තට උදව් කෙරුවා.
තාත්තා 22 රාත්‍රීයේ ලංකාවට යන්න හිටියට අපිට 22 උදේ 8ට 9ට පමණ ආරංචි වුණා තාත්තා හිටපු ගොඩනැගිල්ල කඩා වැටිලා කියලා. අපි තාත්තව හෙවුවා. නමුත් තාත්තා කඩා වැටුණු ගොඩනැගිල්ල ට වටවෙලා මිය ගොස් ඇති බව අපි දැනගත්තා " යැයි පැවසුවාය.

මියගිය නිශ්ශංක මහතා
ජාඇල - ප්‍රසංග පෙරේරා