කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාවන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් කණගාටුව පළ කර තිබේ.
X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේකටාර් රාජ්‍යය වෙනුවෙන් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා ඉටුකළ දූරදර්ශී නායකත්වය සහ සේවය සැමදා සිහිපත් කෙරෙන බවයි.
ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් කටාර් රාජකීය පවුලට සහ කටාර් වැසියන්ට ශෝකය ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.