ලංකාවට ඉන්ධන ලබා ගැනීම ඇතුළුව තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් කටාර් බලා පිටත්ව ගිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මෙන්ම කටාර් එනර්ජිහි ප්‍රධාන විධායක නිලධාරී සාඩ් ශෙරීඩා අල් කාබි මහතා හා සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් එනර්ජි සමාගමේ සහාය හා කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ඛනිජ තෙල් නිශ්පාදන, එල්.පී.ජී. හා එල්.එන්.ජී. ලබාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡ කර තිබේ.
