යාපනය උතුරු මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන් 100 කට පමණ සීමා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ තීරණය කොට ඇත.
පවතින කොවීඩ් අවධානම හේතුවෙන් එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති බව සහතික වූ ශ්‍රීලංකාවේ සහ ඉන්දියාවේ බැතිමතුන් 100 දෙනෙකු පමණ සහභාගී වීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත.
පවතින වත්මන් වාතාවරනය පිළිබඳව රැස්වීමක් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී යාපනය දිසාපති කේ.මහේෂණ් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාව සහ පොලීසිය ඇතුලු සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
එහිදී මෙරටින් සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය ඇතුලු අනෙකුත් පහසුකම් සහ බැතිමතුන් කච්චතිව් දූපත සඳහා ප්‍රවාහනය කෙරෙන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබූ අතරම ඉන්දීය බැතිමතුනට් පහසුකම් සැපයීම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.
මේ අතර කච්චතිව් වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීමට ලබාදෙන ප්‍රමාණය වැඩිකරන ලෙසටද ඉල්ලා යාපනයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ ඉල්ලීම් පිළිබවද විදේශ අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කිරීමටද පියවර ගන්නා බවට එහිදී සාකච්ඡා වී ඇත.
කච්චතිව් යනු යාපනය කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක් දුරින් පිහිටි අක්කර 285ක දූපතක් වන අතරම භූගෝලීය වෙනස්වීම් නිසා මව්බිමෙන් දුරස්ථ වූ දූපත් සමූහය අතරින් මීට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.
එමෙන්ම කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වසරකට වරක් පැවත්වන් දේව මෙහෙයද විශෙෂයෙන් ධීවර ජනතාවට විශේෂ වන බැවින් සෑම වසරක දහස් ගණනින් ඉන්දියාවේ සහ ලංකාවේ ධීවර ජනතාව දින ගණන් ගෙවා මෙම දේව මෙහෙයට සහභාගී වීම සිදුවිය.
පසුගිය වසරේදී (2021) කොවීඩ් වෛරසයේ අවධානම හේතුවෙන් කච්චතිව් වාර්ෂික මංගල්ලය කිසිදු බැතිමතෙකු නොමැතිව පවත්වනු ලැබීය.

