කොකේන් පානය කරන අය ගැන ප්‍රසිද්ධියේ කියන්න - මහින්ද
කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු සිටියි නම් එය ප්‍රසිද්ධියේ සඳහන් කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකට අද (19දා) තංගල්ලේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ කොකේන් ගහන කට්ටිය ඉන්නවානම් ප්‍රසිද්ධියේ කියන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ අය දැනගන්න ඕන බේරගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකෙන් නැති කරන්නේ” යැයි ඔහු සඳහන් කළේය.

popular news
-
Nimal Wednesday, 20 February 2019 03:44 AM
මතකේ හැටියට ලාන්ස කියල කෙනෙක් ඉන්නවනේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

