විදුලි බිල වැඩි කිරීම වෙනුවෙන් විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති අය ක්‍රම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන ලෙස රජයට දැනුම් බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"අය ක්‍රමය වෙනස් කරනවානම් නීතියක් තියෙනවා. පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාව පනතට අනුකූලව අයක්‍රමය වෙනස් කරනවානම් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා.
නමුත් විදුලි බල ඇමතිවරයා මේ සියල්ලටම පටහැනිව අලුතෙන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ගියා. නමුත් අපි රජයට කියනවා ඒ ප්‍රතිපත්තිය ඉරලා කුණු බක්කියට දමන්න.
මේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අය ක්‍රමය වෙනස් කරන්න ඕන නම් ක්‍රම වේදයක් තියෙනවා. අපිට සියයට 75ක විදුලි බිල වැඩිවීමක් ලැබුණා.
අපි අයක්‍රමය වෙනස් කරන්න හදද්දී ඇමතිවරයා කිව්වේ මේ සේවකයන්ගේ වැටුප් වැඩි කරගන්න හදනවා කිව්වා. අය ක්‍රමයක් අවශ්‍ය නෑ කියපු ඇමතිවරයා දැන් තමන්ට හිතකර ප්‍රතිපත්තියක් හදාගෙන ජනතාවට දරන්න බැරි අයක්‍රමයක් ගේන්න හදනවා.
අපිට අවශ්‍යතාවක් තියෙනවානම් එය මහජන උපයෝගීතාවට ඉදිරිපත් කරලා සාකච්ඡා කරන්න ඕන"
VIDEO