වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරනු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමග රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත් මෙකි මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමට නොහැකිවි තිබුණි. අසාදු ලේඛනගත ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමට ඇති මුදල රුපියල් මිලියන 1,651.98කි. 2025 වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත් අවසාන සිහිකැදවිමේ ලිපියොමුකොට ඇති සැපයුම්කරුවන්ගේ අයකරගත යුතු මුදල රුපියල් මිලියන 279.45කි. එම මුදල් අයකරගැනිම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අයකරනොගෙන ඇති මුදල් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිම සදහා කඩිනම් හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
.ඒල්. චාමින්ද