ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වනවිට එකඟතාව පළකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් අසීරුම කාලය තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බවත්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් පොරොන්දු වූ මුදල් රටට ලැබුණු පසු ඖෂධ සැපයුම යථාවත් කිරීමට හැකි වන බවත් විජයවර්ධන මහතා සඳහන් කළේය.
ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර රටට ලැබෙනතුරු අවශ්‍ය ඖෂධ සපයාගැනීම සඳහා ආධාර කිරීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව කීරුවන් විජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් තමන් ඉන්දීය මහ කොමසාරිස්වරයාද හමු වී සාකච්ඡා කළ බවත්, ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් පැවසීය.
සමහර ඖෂධ කොළඹින් පිට පළාත්වලට යැවීමේ ප්‍රමාදයක් ඇතැයි වාර්තා වූ බවත්, නව සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පත් ව ඇති බැවින් එම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කරන බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.