ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම මිල අඩු කිරීම ජුනි මස 15 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡා කිහිපයකින් පසුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.