ඖෂධ නියාමනය, සෑපයීම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශය් දී පැවත්විනි.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ සාකච්ඡවේ දී ටෙන්ඩර් ක්‍රමවේද විධිමත් කිරීම, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ රෝහල්වලට අඛණ්ඩව ලබාදීම, ඖෂධ ආනයන ක්‍රමවේදය ක්‍රමවත් කිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිනි.
වාර්ෂිකව ඩොලර් මිලියන 500 කට අධික මුදලක් ඖෂධ ගෙන්විම සදහා වැය කරන බවත් ඊට හොදම විසදුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර, මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධ රජය විසින් ලබා දෙන ක්‍රමවේදය ශක්තිමත් කිරිමට පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබාදුනි.
රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා රටතුල කිසිදු අයුරකින් කිසිදු මොහොතක ඖෂධ හිඟයක් ඇති නොවීමට සෑම වර්ෂයකම එළැබෙන වර්ෂයට පෙර ඒ පිළිබදව පූර්ව අධ්‍යයනයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදි පෙන්වා දෙන ලදි.