නිර්වින්දන බෙහෙත් සමග තවත් ඖෂධ වර්ග කිහිපයක් සොරකම්කරගෙන විත් අලෙවිකිරිමට සුදානම් වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු අද (26දා) ගාල්ල දෙවට ප්රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙකි සුළු සේවකයා විසින් රෝහලින් සොරකම්කොට රැගෙනවිත් විදේශිකයින්ට හා මත්කුඩු ලෝලින්ට නිර්වින්දන බෙහෙත් හා ඖෂධ වර්ග අලෙවි කරන බවට, ගාල්ල වරාය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා මෙකි සුළු සේවකයා කොටුකරගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරගම්පිට ගිණිමැල්ලගහ ප්රදේශයේ පදිංචිකරුවෙකි. මොහු සන්තකයේ තිබි වෙදනා නාශක පෙති 160ක්, වෙදනා නාශක කුප්පි 30ක් හා වෙනත් ඖෂධ පෙතිවර්ග 100ක් පොලිස් භාරයට ගෙන ඇත.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්රම
