ඖෂධවල ප්‍රමිති පරීක්ෂණ ක්රියාවළිය පුළුල් කිරීමට අවධානය
ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්රියාවළිය පුළුල් කිරීමේ දී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology - SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology - SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute - ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution - SLSI) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මෙහි දී ඉහත ආයතන පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙන්ම ඉහත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරික්ෂණ වාර්තා පිළීබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටළු සහ අධීක්ෂණය කළ යුතු කරුණු ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදු කර ගැනීමේ දී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවදුරටත් විධිමත් හා පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි. ඒ සඳහා යම් කාලයක් ද ගත වන බැවින් රජයේ යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද සඳහන් කරනු ලැබීය.
ඖෂධ සැපයුම් ක්‍රියාවළියට බාධාවක් නොවන පරිදි මෙහිදී ගැටළු සහගත සහ ප්‍රශ්ණ සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් සියලු ආයතන එක්ව මෙම වැඩපිළිවෙල නිවැරදි දැක්මක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

