ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් යානයක් ත්‍යාගයක් ලෙස මෙරටට ලබා දී තිබේ. KA350 King Air වර්ගයේ ගුවන් යානයක් වන මෙයද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.
මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී
ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම ත්‍යාගය ශ්‍රි ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බව එම ලිපියෙහි සඳහන් වෙයි.
සාකල්යා සඳමාලි