ඕනෑම ආපදාවකට මුහුණදීමට සූදානම්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඒ අනුව හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වය වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම, එළඹෙන මැයි මස 20 වැනිදා වන විට මෝසම් තත්ත්වය ස්ථාපිත වීමත් සමඟ අදාළ කාලගුණික විපර්යාස තවදුරටත් වර්ධනය විය හැකි බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක් වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, නාය යෑම් සිදුවන ප්‍රදේශ නැවත සක්‍රිය වීමේ හැකියාවක් පවතින බවයි, ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
නාය යෑම් අවදානම් ස්ථානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නාය යෑම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ආපදා තත්ත්වයකදී 117 හදිසි දුරකථන අංකය හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය වෙත සම්බන්ධ විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
