පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම මේ වනවිට සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය කාර්යාංශය වෙතින් වලංගු බලපත්‍ර නොමැති කණ්ඩායම් අනිසි ලෙස භාවිතා කර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහ සේවය සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයින් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය (Self Registration) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර ඇත.
මෙහිදී ඉහත කී රාජ්‍යයන්හි වසර කිහිපයක් සේවය කර, නැවත එම රටවල් සඳහා විදේශගතවීමට “ නැවත විදේශගත වීමේ රැකියා වීසා පත” (Re-entry Visa) රැගෙන මෙරටට පැමිණි කාන්තාවන් විදේශගත වීමේ දී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම තහනම අදාල නොවේ.