ඔහු ප්‍රේමදාස නෙමේ දැන් කෝපිදාස - ඩිලාන්
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අද (1) කොළඹ පැවති පොදුජන පෙරමුණේ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“සාමාන්‍යයෙන් වෙන්නේ ජනතාව නායකයා පසුපස යෑමයි. නමුත් මෙවර ජනතාව නායකයින්ට කිව්වා පක්ෂ දෙකම එකතු වෙන්න. එහෙම කෙරුවොත් පමණයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ කියලා. එය අද සිදු වුණා.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගසන බව මම දිගින් දිගටම කිව්වා. අද උදේ වනවිට ඒ අනාවැකිය හරි ගියා. අපි කිව්වා වගේම සියලූම සකලවිධ බලවේග එකතු වුණා. අපි එකතු වුණා පමණක් නොවෙයි අද මේ වනවිට එකතුවට බාධා කළ අයගේ වෙස් මුහුණු ගැලවී තිබෙනවා. මොකද ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ බෝඩ් එක ගැහුවට මේ එන්නේ පක්ෂය සුරැකිමට නෙවෙයි. මේ එන්නේ එක්සත් ජාතික පක්ෂය සුරකින්න. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ කළේ ඇයගේ දේශපාලනය ජීවිතේ යම් දෙයක් ඉතිරිවෙලා තිබුණ නම් ඒ දේත් විනාශ කර ගන්න එකයි. තමාගේ කීර්තිමත් පියාට තමන්ගේ කීර්තිමත් මවට විශාල අවමානයක් සිදු කිරීමයි.
සජිත් පේ‍්‍රමදාස මහතාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ. කොපි කරන එක තමයි කරන්නේ. සජිත් පේ‍්‍රමදාස මේ අවස්ථාවේ පේ‍්‍රම කරන්නේ කොපියට තමාගේ පක්ෂයේ වැඩපිළිවෙළට හෝ කණ්ඩායමේ වැඩපිළිවෙළට හෝ ජනතාවට නොවේ. ඔහු පේ‍්‍රමදාස නොවේ දැන් කොපිදාස. බලං ඉන්නෙ එහෙන් වෙන්නෙ මොකක්ද කියන එක. කොපිකර ගන්නයි. තව ඉස්සරහට කියයි ඇඳක් නැත්නම් ඇඳක් දෙන්නම් කොට්ටෙකුත් එක්කම මෙට්ටයක් දෙන්නම් කියයි. ඒ මදිවට නෝනා කෙනෙකුත් දෙනවා කියයි. මෙන්න මේ විහිළු මැතිවරණ ව්‍යාපාරයේ ඇඩ්මින් තමයි සජිත් පේ‍්‍රමදාස කියන්නේ.
මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතුයි.මේ වෙද්දි විශාල මඩ ව්‍යාපාරයක් යනවා. ඊයේ කුරුණෑගල හා තවත් රැස්විමකට සජිත් පේ‍්‍රමදාස මහතා නොගියේ සෙනඟ හිටපු නැති නිසා. ඒ සිද්ධිය නොකියා, කුරුණෑගල නගර සභාවෙන් පොහොට්ටුවේ නගරාධිපතිවරයා ලයිට් කැපුවා කියලා නගරාධිපතිවරුන්ට ලයිට් කපන්න බලයක් නෑ.
අනිත් කාරණය ඔය කියන ක්‍රීඩාංගණය අයිති වෙන්නේ නගර සභාවට නෙවෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයට. සිද්ධියට නගරාධිපතිතුමාගේ සම්බන්ධයක් නෑ. ඒ ප්‍රකාශයට නීතිඥවරු අද වෙනකොටත් එන්තරවාසියක් යවා ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. අද සිට ඉදිරි දින 10 තුළ විශාල මඩ ගොඩක් මවලා, මඩ ගහලා,ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයටත් මේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරයටත් බාධා කරන්න ඔවුන් පෙළඹෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය”.
කෂිනි හපුආරච්චි

popular news
-
දිලිත් ජයවීර Saturday, 02 November 2019 05:02 AM
හැබැයි ඇදක් නැති අයට ඇදක් දෙනවා කියන එකට වැඩ හාස්‍ය ජනකයි, ගෝඨාභය මද්යවෙදීන්ට රක්ෂණ ක්‍රමයක් දෙනවා කියන එක. ගෝඨාභය දුෂණය නැතිකරනවා කියන එක. තොපි දෙගොල්ලොම හොරු බොලවූ. ගෝඨාභය ගේ දැනේ ගෙදරට සජිත්ට අරදන කරලා ගිහිල්ල එතන හැසිරුණු විදිහෙන් දෙන්නගේ යාළුකම පේනවා. සජියත් ජීවිතේට ගෝඨාභය කියන නම කටින් පිටකරන්නේ නැහැ. මගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා....හි ..හි.. ගෝඨාභය සිංගප්පුරුව දියුණු කරපු ක්රමයම ගේනවලු. මන් ඇහුවමයි සිංගපුරුව හොරකම, වංචාව, දුෂණය, අල්ලස පරමාදර්ශය කරගෙන ඒවා ජීවිතය කරගත්ත නායකයකු තුලින් වර්තමාන සංවර්ධනය ලබාගත්ත කියල. සුවර් එකටම ඕක කියල දෙනකොට දිලිත් ජයවීර ගංජා ගහල ඉන්න ඇත්තේ, මොකද මිනිහම කිඋවනේ මිනිහ ගංජා ගහනවා කියල.
Reply : 0 0
Champa Saturday, 02 November 2019 07:27 AM
පට්ට බොරුවක්. ජනතාව කවදාවත් කිව්වේ නැහැ මෛත්‍රී එක්ක එකතු වෙන්න කියල. යහපාලනයට විරුද්ධ සියලු බලවේග විමල් එකතු කළා 2015 පෙබරවාරි 18 තරම් ඈත කාලේදී. එදා ඉඳන් මේ දක්වා වුනේ විමල් එකතු කරපු මිනිස්සු ටිකෙන් ටික ඉවත් වෙලා යන වැඩ සිද්ධ වීම. යහපාලනය එපා වෙලා මහින්දට එකතු වෙච්ච 62 ලක්ශේ මිනිස්සු යන්න ගිය මහින්ද ගෝඨාභයයි බැසිල්වයි එකතු කර ගත්තහම. අද ගෝඨාභය වටා ඉන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග නෙමෙයි. අද ගෝඨාභය වටා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් දුන්නු මස් කටු ලෙවකාපු, එක්ෂත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා රණවිරුවන් පාවා දීපු, රට පාවා දීපු, එකසත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා මාගම්පුර වරාය විකුනපු, එකසත් ජාතික පක්ෂය ගෙනාපු ද්‍රෝහී පනත් එකකටවත් විරුද්ධ නොවුණු ද්‍රෝහීන්, වර්ධරාජා වගේ වෙන රාජ්‍යයක් ප්‍රකාශ කරපු, නැගෙනහිරට ෂරියා විශ්ව විද්‍යාලයක් දුන්න වගේ වතුකරයටත් ජාතිවාදී පදනම මත විශ්ව විද්‍යාලයක් දෙන්න පොරොන්දු වුනු නිසා ආපු තොන්ඩමන්, ඊළඟට කරුණ, පිල්ලයාන් වගේ මිනිස්සු, අලි සබ්රි වගේ ජාතිවාදියෝ, සහ යූඑන්පී කාරයෝ. ජනතාව කිව්වේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ජනතාව එකතු කරගන්න මිසක් මස්කටු එකතු කරගන්න නෙමේ.
Reply : 0 0
ගාමිණී Saturday, 02 November 2019 08:38 AM
අයියෝ මෙයා විකාරයෙන් කියන දේවල් කවුරුත් ගණන් ගන්නේ නෑ. ඊ ලග පාර්ලිමේන්ත්වේ මෙයා නෑ. මෙයා ගෙදර. මෙයාට පොහොට්ටුවේ ඡන්දත් නෑ ශ්‍රී ලංකා ඡන්දත් නෑ. විකාර කියවනවා.
Reply : 0 2
කෝපිදාස Sunday, 03 November 2019 07:24 AM
රත්නපුර දිස්ත්‍රික්කයේ අනාගත නායකයා නැතිකලේ ඔබතුමා කියා මිනිසුන් අතර මතයක් තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

