දෙල්ගොඩ නගරයේ ඖෂධ හලකට කඩාවැදුණු මත්කුඩු ලෝලියෙකු බව පවසන අයෙකු එම වෙළද සැලේ හිමිකරු වන වෛද්‍යවරයෙකු පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි.
එම වෙළද සැලේ ගණුදෙනු කරුවන් නොමැති අවස්ථාවක් බලා ඊයේ (02දා) රාත්‍රී කඩාවැදී වෛද්‍ය වරයා වෙළද සැලේ පිටුපස කොටසට රැගෙන ගොස් දෑත් බැඳ දමා මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය පවසයි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අදාල වෛද්‍ය වරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍ය කර්ම කිහිපයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති / මල්වාන - ඩබ්ලිව් ඩී එමිි විතානගේ
