නෝර්වේ වේලාවෙන් අද අලුයම දේශීය වේලාවෙන් 01:00 ට පමණ නෝර්වීජියානු අගනුවර වන ඔස්ලෝහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා නෝර්වේ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් තානාපති කාර්යාලයට පිවිස තිබේ.
"පොලිසිය තානාපති කාර්යාලය සමඟ සංවාදයක යෙදී සිටින අතර කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත. සිදු වූ දේ හෝ
ඊට සම්බන්ධ විය හැකි අය පිළිබඳව දැනට කිසිදු තොරතුරක් නොමැත" යනුවෙන් නොර්වේ පොලීසිය නිවේදනක් නිකුත් කරමින් පවසයි.් තානාපති කාර්යාලයට සුළු හානියක් සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
