චීනය සමග යුද්ධයක් ඇතිවීමට ඉඩක් ඇති බවට ඔස්ට්‍රේලියාව ප්‍රකාශ කිරීමත් සමග ඇමෙරිකාවේ සෙබලුන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ඇමෙරිකාවේ මැරින් බලකායේ 2200ක පමණ පිරිසක් ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරෙනු ඇති බව ඩේලි මෙල් පුවත් සේවය පවසයි.
එසේම මෙම සෙබලුන් ඔස්ට්‍රේලියාවට යොමුකිරීමට ඇමෙරිකාව ගත් තීරණය ඉදිරි වසර වලදී තායිවානය ආක්‍රමය කිරීමට චීනය කටයුතු කළහොත් එයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාමාර්ගයක් බවද විදෙස් මාධ්‍ය පවසයි.
ලෝකයම යුක්රේන - රුසියා යුද්ධය දෙන අවධානය යොමුකරනවන අවස්ථාවක චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට ඉඩක් ඇති බවද ඇමෙරිකාව විශ්වාස කරයි.

