ඔස්ට්‍රේලියාවේ ‘sight for all’ ප්‍රජා ව්‍යාපෘති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර අක්ෂි ශල්යෙවෙද්ය උපකරණ පරිත්‍යාගයක් සඳහා වන ගිවිසුමකට එළමී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එමගින් ශ්‍රී ලංකාවේ තෝරාගත් රෝහල්වල අක්ෂි ඒකක වලට වෛද්‍ය ශල්‍ය අක්ෂි උපකරණ පරිත්‍යාග කිරීම හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කුසලතා නැංවීම සඳහා ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව බදුල්ල පළාත් මහරෝහළ, රත්නපුර, මඩකලපුව, කළුබෝවිල හා තංගල්ල යන රෝහල්වලට අවශ්‍ය ප්‍රදානයන් පිරිනැමීමටත්, ප්‍රාදේශීය අක්ෂි වෛද්‍ය ඒකකයන්හි සේවකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට හා උපකරණ වැඩිදියුණු කිරීමටත් මෙමගින් අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.
මෙම එකඟතාව වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද හෙතෙම පැවසීය. මෙහි වටිනාකම රුපියල් මිලියන 99 ක් පමණ වන බවද මෙහිදී ඔහු සඳහන් කලේය.