සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ අනුවර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ට ලකුණු 291ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3කදී කඩුලු 4ක් දැවි ලකුණු 292ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 70*, ආරොන් ෆින්ච් ලකුණු 62, අලෙක්ස් කැරේ ලකුණු 49 ලෙස ලකුණු රැස්කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49ට කඩුලු 3ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල (25) හා පැතුම් නිශ්ශංක (137) පළමු කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් පිහිටුවීය. ඉන් අනතුරුව දික්වල්ල දැවී ගිය අතර තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් (87) හා එක්ව පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 170ක සබඳතාවක් පැවැත්විය.
කෙසේ වෙතත් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය සිල්වා ලකුණු 25ක් රැස්කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ජේ රිචඩ්සන් කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.
මෙම තරගයේදී බිහිවූ වාර්තා
ඔස්ට්‍රේලියා කණ්ඩායකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ ඉහළම හඹා යැම
ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ හඹා යාම් අතරින් හතරවන ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යෑම
පැතුම් නිශ්ශංකගේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා වූ අතර ඔහු රැස්කළ ලකුණු 137 ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.
ඛෙත්තාරම පිටියේ වාර්තා කළ ඉහළම ලකුණු හඹා යෑම
ශ්‍රි ලංකාව ලකුණු හඹා යාමකදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ තෙවැනි ඉහළම සබඳතාව කුසල් හා පැතුම් අතර ඇතිවූ ලකුණු 170ක සබඳතාවයි.