ඔස්ට්‍රේලියානු කිරි ගවයින් කිරි ගොවීන්ට නොදෙයි
ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වීමට නියමිත කිරි ගවයින් මෙවර කිරි ගොවීන් වෙත බෙදා නොදෙන බව රජය සඳහන් කරයි. එම කිරි ගවයින් පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති ගොවිපොලව අභිජනන කටයුතු සඳහා පමණක් යොදා ගැනීමට නියමිතය.
පේරාදෙණිය, සබරගමුව, වයඹ හා යාපනය යන විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගනිමින් කිරි ගවයින් අභිජනනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ අනුව රටේ විවිධ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන අභිජනන සතුන් බිහි කිරිමට නියමිතය.
වර්ෂයකට කිරිපිටි හා කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා රුපිය් කෝටි 557ක් විදේශයන්ට ඇදී යන බවට ගණන් බලා තිබේ.
popular news
-
Champa Monday, 01 June 2020 08:02 PM
වැරදියි. අභිජනනය කරන්න ඕස්ට්‍රේලියාවේ කිරි හරකුන් ඕනේ නැහැ. කලින් ඒ කිරි හරකුන්ට තිබ්බ ලෙඩ රෝග බලපුවහම ගේන්නම හොඳ නැහැ. දැන් මේ ගේන්න හදන්නේ කාට හරි කොමිස් කුට්ටියක් ඕනේ නිසා. කලින් පාර කඩා ගත්ත මී වදේ රස තාම මතක ඇති. නැත්නම් මේ තරම් කිරි හරක් ඉන්න රටේ අභිජනනය කරන්න කියල පිටරටින් කිරි හරක් ගේන්නේ මොකොටද? එක පැත්තකින් කියනව පිටරටින් භාණ්ඩ ගේන එක නවත්තනවලු. ආණ්ඩුවට දුවන්න සල්ලිත් නැහැ කියල රජයේ සහ පෞද්ගලික සේවකයන්ව පික් පොකට් ගහනව. අනිත් පැත්තෙන් කිසිම අවශ්‍යතාවයක් නැතුව විදේශ විනිමය වියදම් කරලා කිරි හරක් ගොඩක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වනවලු. කවුද මේ තීරණ ගන්නේ? කොමිස් කාක්කෙක්ද?
Reply : 0 0
Don Monday, 01 June 2020 11:40 PM
ආගමික මධ්‍යස්ථානවලට දෙන්න, ඒ අය හරි කෙට්ටුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

