තම පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි බලයක් සහිත එකම පුද්ගලයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් තමා අතින් අතීතයේදී ජනපතිවරයාට වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා කනගාටුව ප්‍රකාශ කරන බවත් සමාජ ක්‍රියාකාරියෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ කළ ඕෂල හේරත් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පවසයි. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී හමුවූ අත්බෝම්බයට අදාළව ඕෂල හේරත් මහතාගේ පියා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
තම පියා මේ වන විට දින 20ක් රඳවාගෙන සිටින බවත් නීතිඥයින්ට හෝ ඔහුව හමුවීමට නොහැකි බවත් ඕෂල හේරත් මහතා පවසයි. තම ඉල්ලීමට කිසිම දේශපාලනයක් නොමැති බවත් තමන්ට අවහ්‍ය සිය පියා නිදහස් කර ගැනීමට බවත් ඔහු පවසයි.
2015-2019 කාලයේදී ජනපතිවරයාගේ පවුලේ උදවියට පොලීසිය මගින් කෘරත්වයට පත්වූ බවට තමන් දන්නා බවත් තම පියාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන ලෙසත් ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳව විනිවිද හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට සහතික කරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.