මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.
පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේ සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්රීවරු වෙති.
රොෂාන් රණසිංහ මන්ත්රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේය. අලි සබ්රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්රීවරු පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.