ශ්රී ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුව ආරම්භ වී වසර 70 ක් සපිරීම නිමිත්තෙන් 2017  ඔක්තෝබර්  මස 03  වැනි අඟහරුවාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
	ඒ අනුව එදින සවස 2.30 සිට 4.30 දක්වා මෙම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිත බව කතානායකවරයා පවසයි.
	ඒ පිළිබඳව බ්රහස්පතින්දා (21දා) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.එසේම
	එළැඹෙන (26දා) ඔක්තෝබර්  මස 09 දාත් සවස 1.00 සිට සවස 7.30 දක්වාද පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන බවත් කාතානයකවරයා ඊයේ (22දා) පාර්ලිමේන්තුවට සඳහන් කළේය.