තුර්කි ගුවන් සේවය තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
මේ මගින් කෙටි ගුවන් ගමන් සම්බන්ධතා කාළයක් තුළින් තුර්කියේ ඉස්තාන්බුල් සිට ලෝකයේ රටවල් 129 කරා ඉතා පහසුවෙන් ගමන් කිරීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ.
එමෙන්ම එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල යුරෝපයට ශීත ඍතුව බැවින් විශාල සංචාරයකයන් පිරිසක් ද මෙම ගුවන් සේවය ඔස්සේ ශ්රී ලංකාවට පැමිණීමට මේ වනවිටත් සැළසුම් කර තිබේ.
දැනට වසර 10 ක ක කාළයක සිට තුර්කි ගුවන් සේවය මාළදිවයින ඔස්සේ සිය ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අතර එම සම්බන්ධතා එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට අත්හිහිටුවා ශ්රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට නියමිතය.