ඔක්තොබර් මාසයේ ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායකකාර මහතා පවසයි.
සැප්තැම්බර් මාසයෙදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4ක් විය. එසේම මෙම අගය පසුගිය වසරේ ඔක්තොබර් මාසය හා සැසදීමේදී සියයට 12ක වර්ධනයක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) බවද අමාත්‍යවරයා පැවැසීය.