ඔක්තෝබර් මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගම පවසයි. ඒ් අනුව සැප්තැම්බර් මාසයේ ක්රියාත්මක මිලම මෙම මාසයේදිත් ක්රියාත්මක වෙනු ඇත.
ඒ් අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක්, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750ක් හා කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක් යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතය.