ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත් පසුගිය දින 4 තුළ තවත් තොග නිකුත් කර ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් දෛනිකව ඩීසල් මෙ.ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙ.ටොන් 3000ක් බෙදාහරින බවයි.
එසේම බස්රථ සහ පාසල් සේවා සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කර ඇති බවත් පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 35,000ක් අද රාත්‍රියේ ගොඩබෑමට නියමිත බවත් ඔහු පැවැසීය.