ඒ ’නාමල් රජපක්ෂ’ මම නෙමෙයි
ඒ.එල්.බී.ජී. සමාගමේ මූල්‍ය අධ්යක්ෂ ලෙස දන්වා ඇති නාමල් රාජපක්ෂ හා තමන් යනු දෙදෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමට සම්බන්ධව කටාර්හි ස්ථාපිත කර ඇති මෙම සමාගමේ මූල්‍ය අධ්යක්ෂ ලෙස නාමල් රාජපක්ෂ යන අයෙකු කටයුතු කරන අතර එම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බවට සමාජ මාධ්‍ය තුළත් ඇතැම් මාධ්‍ය තුළත් පැතිර යන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.
“මම හිතන්නේ ඉතාමත් වැරදි හා සාවද්‍ය කථාවක් සමාජ මාධ්‍ය තුළත් මාධ්‍ය තුළත් පළ වෙනවා. ඒ සමාගමත් මමත් අතර කිසිම සම්බන්ධතාවක් නෑ.
ඒ සමාගමේ අධ්යක්ෂවරයෙක් ඉන්නවා නාමල් රාජක්ෂ කියලා. ඒ ගැන අපි හොයලා බැලුවා. අද වෙනකොට ඒ සමාගමෙන් එය නිවරදි කරලා ඒ අවුරුදු 70 ගණනක නාමල් රාජපක්ෂ කෙනෙක් කියලා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ වගේම වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඒ නාමල් රාජපක්ෂයි මායි කියන්නේ දෙන්නෙක් කියන එක සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

