සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පහත බැස තිබූ උඩරට සහ පහතරට එළවලු මිල මේ වන විට ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළදුන් කියා සිටියි.
මේ අනුව, බෝංචි කිලෝවක් රු.500ක්, ලීක්ස් කිලෝවක් රු.300ක්, කැරට් කිලෝවක් රු.450ක්, මාළු මිරිස් කිලෝවක් රු.400ක් වැනි සිල්ලර මිලකට අලෙවි වන අතර, ගොවා කිලෝවක් රු.200ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.
පහත රට සෑම එළවලු කිලෝවකම මිල රු.400-600ක් වැනි මිලකට අලෙවි වන අතර, වම්බටු කිලෝවක් රු.600ක්, කරවිල කිලෝවක් රු.600ක්, වැටකොළු කිලෝවක් රු.600ක්, බණ්ඩක්කා කිලෝවක් රු.600ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.
අප එළවලු මි වැඩ විම සම්බන්ධයෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ගොවීන් සිය අස්වැන්න වෙළදපොළට නිකුත් කරන නිසා මැයි මාසය වන විට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ මෙසේ එළවලු මිල තරමක් ඉහළ ගොස් ඇති බවයි.
