එළවළු මිල සීඝ්රයෙන් ඉහළට
දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග එලවළු වගාවන් විනාශ විම හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට නොහැකි විම මත එලවළු මිල සීඝ්‍රෙයන් ඉහල ගොස් ඇති බවත්, පවතින තත්ත්වය මත එලවළු හිගයක් ඇතිවිමේ අවධානමක් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නිලධාරින් පැවසිය.
එම නිලධාරින් ඒ බැව් කියා සිටියේ (30) දින එළවළු මිල හා වත්මන් ගොවීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සංවිධානය කරතිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුසිල් ශාන්ත සහ ලේකම් ගුණසේකරන් ශිවා යන මහතුන් කියා සිටියේ ,
"ගෝවා කිලෝවක ගැනුම් මිළ රුපියල් 70 ක් කැරට් කිලෝවක ගැනුම් මිල රුපියල් 120 ක් ලික්ස් කිලෝවක ගැනුම් මිල රුපියල් 300 ක් රාබු කිලෝවක ගැනුම් මිල රුපියල් 80 ක් බිට්රුට් කිලෝවක ගැනුම් රුපියල් 320 ක් හා අර්තාපල් කිලෝවක ගැනුම් මිල 280ක් වශයෙන් අද අපි ගොවියන්ගෙන් ලබා ගන්නවා" යනුවෙනි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
