රටපුරා එළවලු මිල ඉහළ යද්දී හත් වන දින සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල මෙ වන විට සැලකිය යුතු මට්ටමකින් පහල යමින් පවතින බවත් එළවළු අලෙවිය ද පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පෙන්වා දෙති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අවම වීම ,මිලදී ගැනීම් සඳහා වෙළෙන්දන් ගේ පැමිණීම අඩු වීම, පසුගිය දිනවල මිල ඉහළ යෑම, එළවළු පරිභෝජනය අවම වීම ආදී කරුණු කාරණා නිසාවෙන් එළවළු මිල මෙසේ පහත යමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති
ඒ අනුව රුපියල් 350ක් 400ක් අතර ඉහළ මිලකට අලෙවි වූ වම්බටු කිලෝව 7 වන දින වන විට රුපියල් 150 දක්වා පහත වැටී ඇතිැයි වෙළෙන්දෝ පෙන්වා දෙති.
කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට ,ලීක්ස් ,මාළු මිරිස් ආදී එළවළු මිලද රු. 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී ඇති බව පෙන්වා දෙයි.
