ඉතිහාසයේ ප්‍රථම වතාවට එළවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එතුලින් ගොවියන්ට කිසිදු ලාභයක් නොලැබි ඇති බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ,සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ අද (01) දින නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"කැරට් කිලෝව රුපියල් 750යි , බීට් රූට් කිලෝව රුපියල් 360 – 380 , ගෝවා කිලෝව රුපියල් 500 , ලීක්ස් කිලෝව රුපියල් 250 – 270 , බෝංචි කිලෝව රුපියල් 600 – 650 , තක්කාලි කිලෝව රුපියල් 600 – 700 , අමු මිරිස් කිලෝව රුපියල් 1600 – 1800 දක්වා ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. වර්තමානයේ පවතින එළවළු මිල ඉතිහාසයේ කිසි දිනක නොලැබුණු ඉහළම එළවළු මිලක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන්.
එළවළු මිල ඉහළ ගියද පසුගිය කාල සීමාව පුරාවට ඇද හැලුණු අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගොවීන්ගේ අස්වනු මුළුමනින්ම විනාශ වී තිබෙනවා. පසුගිය අවුරුදු වල මේ කන්නයේ එළවලු කිලෝ 100 ක් ගැලවූ ගොවියන්මේ අවුරුද්දේ එළවළු ගැලෙව්වෙ කිලෝ දහයක් විතරයි.
රුපියල් 100ගානේ එලවලු කිලෝසීයක් විකුණනකොට රුපියල් 10,000ක් ලැබුනා මෙදා පාරා ලැබිලා තියෙන්නේ 300ගානේ කිලෝ 10කට රුපියල් 3000යි. මිල වැඩි වුණා කියලා කිසිම ලාභයක් නෑ. එළවළු වගාව සිදු කරන්න ලැබුණු මුදලට වඩා තුන් ගුණයක් වියදම් වෙලා තියෙනවා."