එහෙම වුණොත් කන්න නැතිව මැරෙන්න වෙනනේ
විදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.
“බෙහෙත් ගේන්න, තෙල් ගේන්න විදේශ විනිමය රට ඇතුළට එන්න ඕන. තේ පිටරට පැටෙව්වේ නැත්නම් රබර් පිටරට යැව්වේ නැත්නම්, පොල් පිටරට යැව්වේ නැත්නම් සුළු කෘෂි භෝග යැව්වේ නැත්නම් මේ ටික ගේන්න සල්ලි නෑ.
සල්ලි නැතිවුණොත්, කර්මාන්තය නැති වුණොත් විදේශ විනිමය නැත්නම් මේවා ගේන්න බැරිවුණොත් බෙහෙත් ටිකවත් නැතිව තමයි ජනතාවට මිය යෑමට සිදුවෙන්නෙ.
මේ අමාරු ක්‍රියාවලියේ හැම පුද්ගලයෙකුටම නිවසින් එළියට එන්නේ නැතිව ඉන්නවනම්, ස්වයං නිරෝධායනය වෙන්න පුළුවන්නම් හැම කෙනෙක්ම එහෙම වෙන්න.
ඕනම වෙළඳසැලසක් වසන්න හැබැයි ආනයනය අපනයනය ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නතර කරන්න එපා.
එහෙම වුණොත් කන්න නැතිව තමයි මැරෙන්න වෙන්නේ. සීනි මිල ඉහළ යෑමක් තියෙනවා. පරිප්පු මිල ඉහළ යෑමක් තියෙනවා. අර්තාපල් මිල ඉහළ යාමක් තියෙනවා. දේශීය නිශ්පාදන ලැබුණොත් අඩුවෙයි.
එහෙම නැතිව රටක් ලොක්ඩවුන් කරන්න, හිර කරන්න මිල වැඩිවෙන එක වෙනවා. කඩ සාප්පු සියල්ලම තමන් වැසුවට කමක් නෑ. කිසිම බලපෑමක් කරන්නේ නෑ. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පිටකොටුව කුමන හේතුවක් නිසාවත් වහන්නේ නෑ.”
popular news
-
Tdsolo Wednesday, 18 August 2021 11:39 AM
හොරා කාපු හැත්ත එකතු වෙලා හන්ගලා තිබෙන ඩොලර් ගෙනෙල්ලා.රට කෑවේ තොපි නේ.
Reply : 0 0
Joseph de Silva Wednesday, 18 August 2021 04:18 PM
I agree with Bandula G on one issue. " if export of Tea, rubber, coconut and other agricultural products are stopped country will lose capacity to import our capacity to import medicines .". As already told by many farmers, agriculturists, scientists and economists with the complete ban of fertilizer, weedicides / pesticides the yield and the income from all the agricultural crops including rice and vegetables will be notabaly reduced. You will notice it well towards the end of the year. It is time for men like Bandula G to convinnce their boss to change his decision at least now.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

